සුන්දර මැවීමක්



මේ ඡායාරූප පෙළ දැකපු සැනින් ඔබට තිරණය ගැනීමට අපහසුවක් දැනුනත් එය ඉතා ස්වල්ප වෙලාවකින් ගැටලුවට පිළිතුර ලැබී ඇති බව මා සිතමී. එනම් මේ සත්ව ලෝකය නැතිනම් සලබ ලෝකය තුල සිදු වුනු අපුරු මැවිමක් නිසාවෙනි..

හරි අපි බලමු කවුද මේ කියලා..

මේ සලබ විශේෂය මුල් වරට කරලියට ආවේ 1758 දී කාල් ලීනේයස් මහතා විසින් ඉදිරිපත් කරනු ලැබු සිස්ටෙමා නැචුරේ යන දහවන සංස්කරණය මගින් වන අතරම මොවුන් දැනට ජිවත් වීම සුලබ වශයෙන් ඇත්තේ අසියාවේ වනාන්තර, වියළි නිවර්තන , බොර්නියෝ, දකුණු ආසියානු හා ගිනිකොණ දිග පදුරු මෙහි ප්රධාන නිජබිම් වේ. මේ සලබ විශේෂයේ ජෛව විද්යාත්මක නාමය වනුයේ Attacus atlas .   


 එසෙම මොවුන්ට විශාල පියාපත් ඇති අතර සෙන්ටිමිටර් 24 (අගල් 9.4) තරම් විශාල විය. එසෙම සලබ කාණ්ඩයක් තුල විශේෂ වනුයේ පිරිමි සතාට වැඩිය ගැහැණු සතා විශාල විමත් මොවුන්ට පුළුල් ඇන්ටෙනා වලින් යුක්ත විමත් . සලබයකුගේ ඇති වර්ණවත් බව පියාපත් තුල ඇති වර්ණ මිශ්රණයන් තුලින් දකින්නේකු තුල චකිතයක් මෙන්ම ඇස් රවටා දැමිමත් සිදු කරනු ලබයි.. රතු පාටට හුරු වර්ණ , දුඹුරු, කළු, සුදු, රෝස, දම් යන වර්ණ හා රේඛා වලින් යුක්ත වේ. මෙලෙස සලබයකු තුල අපුරු වර්ණවත් බවක් මගින් සර්ප පෙනුමක් ඇත්තේ විලෝපිකයන්ගෙන් බේරිම සදහා වේ
.

 

Comments

Popular posts from this blog

Software Development Life Cycle